පළාත් පාලන උරුමය හා විකාශනය


පළාත් පාලන ක්‍රමයේ ආරම්භය හා විකාශනය පිළිබඳ තොරතුරු අධ්‍යාපනයේදී පෙනී යනු ලබන්නේ මෙම සංකල්පය වර්තමානයේදී ඇතිවී ගලා යන ලද සංකල්පයක් නොවන බවයි.එය බුද්ධකාලීන භාරතයේ සහ ඉන් ඉහත කාලය දක්වා දිව යනු ලබයි.කුම්භඝෝෂක කතා පුවත එයට නිදසුනකි.
විජයාවතරණයට පෙර හා පසුවද නගර හා ග්‍රාමීය පාලන ක්‍රමයක් පැවති බවටත් ඒ හා බැදුනු නගර ගුත්තික යන තනතුරු පැවති බවටත් පණ්ඩුකාභය රජ දවස පිළිබඳ අධ්‍යාපනයේදී පෙනී යයි.එතුමන්ගේ සංවිධාන නගර නිර්මාණයේදී එහි ක්‍රමවත් බව හා මහජන සෞඛ්‍ය පිලිබඳව වඩාත් වැඩි අවධානයක් යොමු කර ඇති බව ඇතුළු, නගරය නිර්මාණය, ජනාවාස පිහිටුවීම, ආගමික ස්ථාන පිහිටුවීම, සුසාන භූමි පිහිටු වීම පිළිබඳ අවධානයේදී පැහැදිලි වනු ලබයි.
පළාත් පාලන ආයතනයක මුලික කාර්ය භාර්ය මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම හා ප්‍රාදේශීය නගර සැලසුම් විධිමත්ව සංවර්ධනය කිරිම පොදු උපයෝගීතා සේවාවන් මහජන සැපයීම මුලිකම කාර්යය භාර්ය වනු ලබයි.
මහින්දාගමනයෙන් පසුව භාරතයේ පැවති සංස්කෘතියෙන් ශ්‍රී මහා බෝධිය වැඩවීමෙන් පසු, පැමිණි පිරිසගෙන් ඇතිවු සංස්කෘතික විකාශනය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා නාගරික විකාශනය සදහා සෘජුවම බලපාන ලදි.ලක්දිව එකල පැවති සංස්කෘතිය හා බද්ධවී රාජ්‍ය පාලනය සදහාද එම ආකෘතිය සම්බන්ධ වු බව බදුලු ටැම්ලිපිය මඟින් වෙළඳපල කළමනාකරණය හා එය පවත්වාගෙන යාම සදහා මඟපෙන්වා දීම සිදු කර ඇත.
යටත් විජිත පාලන කාලය තුලදී බ්‍රිතාන්‍ය ආකෘතින් බලපැම ශ්‍රි ලංකාවේ පළාත් පාලන ක්‍රමය වෙත පසුව බලපාන ලදි.එහිදි කොළඹ මහජනතාව, මහනුවර හා ගාල්ල යන පළාත් පාලන ආයතන වල සංස්ථාපනය හා විකාශනය ඇතිවන ලදි.එම ක්‍රමය තුල පැවති ප්‍රාදේශීය පාලන ව්‍යුහය අහෝසි කර නව සංවිධාන ව්‍යුහයක් ඇති කරන්නට විය.
පසුව ගම් සභා ක්‍රමය මහ නගර සභා සහ සුළු නගර සභා ඇති කරන ලද අතර 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ සමානුපාත ක්‍රමය මිශ්‍ර වු සභිකයන් තෝරා තරුණ නියෝජනය ප්‍රමුඛස්ථානයේ ලා කටයුතු කරනු ලබන ආකෘතියක් අනුව කටයුතු කරනු ලබයි. මෙහි ආභාෂයත් සමඟ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ ආරම්භය 2006/04/16 වන දින සිදු කරන ලදි. (වැඩිදුර තොරතුරු සභා තොරතුරු කොටසින් ලබා ගත හැක)