UNDP complaint

26/12/2025

නත්තල් උත්සවය

slider image

 මුළු ලෝකවාසී සියලුම කිතුනු බැතිමතුන් සමරනු ලබයි


නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල මහා මංගල දේව මෙහෙයන් ඇතුලු අනෙකුත් මෙහෙයන් පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ.

සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ ජනප්‍රිය චරිතයකි. එතුමා නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, මෙලෙස හඳුන්වන්නේ අතීතයේ ජීවත් වුනු සාන්ත නිකලස් තුමාවය. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි.

Top